Wednesday, November 30, 2016

Solidarity for Prasanna Vithanage by Hemantha Situge in Silence in Courts (Usaviya Nihandai)



උසාවිය නිහඬයි චිත්රපට තහනම ඉවතට
චිත්රපට අධ්යක්ෂ ප්රසන්න විතානගේ විසින් අධ්යක්ෂණය කළ  උසාවිය නිහඬයි චිත්රපටිය තිරගත කිරීම වළක්වාලමින් පනවා තිබු වාරණ නියෝගය විසුරුවා හැරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කළා.
හිටපු මහේස්ත්රාත්වරයෙකු වන ලෙනින් රත්නායක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලු දිසා අධිකරණ මෙම වාරණ නියෝගය මිට පෙර නිකුත් කර තිබුනා.
මෙම තීන්දුව හේතුවෙන් උසාවිය නිහඬයි චිත්රපටිය  මහජන ප්රදර්ශනය සදහා මුදාහැරීමට ඉඩ ප්රස්තාව සැලසෙන බව එහි අධ්යක්ෂ ප්රසන්න විතානගේ කියා සිටියා.
මේ නඩු තීන්දුව පිළිබඳව අපි සතුටු වෙනවා. මේ හරහා ප්රකාශයේ නිදහස ශක්තිමත් වනවා පමණක් නොව ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතියද තහවුරු වෙනවා.” ඔහු කියා සිටියා.
පැමිණිල්ල ඉදිරිපත් කරමින් හිටපු මහේස්ත්රාත් ලෙනින් රත්නායක කියා සිටියේ මෙම චිත්රපටිය  තිරගත වුවොත්  තමාටත් මෙරට අධිකරණ පද්ධතියටත් විශාල කැළලක් සිදුවන බවයි.
මේ හේතුවෙන් අදාළ චිත්රපටිය තිරගත කිරීම වළක්වාලීමේ තහනම් නියෝගයක් පනවන ලෙසයි ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
එම වාරණ නියෝගයට එරෙහිව අධිකරණයේ කරුණු දැක්වූ චිත්රපට අධ්යක්ෂ ප්රසන්න විතානගේ ඇතුළු වග උත්තරකාර පාර්ශවය අදාළ වාරණය ලබාගැනීම සදහා පැමිණිලිකරු ඉදිරිපත් කළ ලේඛනවල තාක්ෂණික  දෝෂ රැසක් පවතින  බව තර්ක කළා.
මේ හේතුවෙන් අදාළ වාරණ නියෝගය තව දුරටත් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවයි  එම නීතිවේදීන් අධිකරණයට පෙන්වා දුන්නේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු අධිකරණය වාරණ නියෝගය විසුරුවා හැරීමට තීන්දු කළ අතර නඩුවට අදාළ විරෝධතා ජනවාරි මස 19 වනදා ඉදිරිපත් කරන මෙන් නියෝග කළා.

No comments:

Post a Comment